යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සමග සාකච්ඡා පැවැත්වූ බවයි.
ට්විටර් පණිවුඩයක් තබමින් යුක්‍රේන ජනපති පවසා තිබෙන්නේ ශක්තිමත් සම්බාධක සහ යුක්‍රේනයට වෙන කවරදාටත් වඩා හවුල්කරුවන්ගේ වැඩි සහයෝගයක් අවශ්‍ය බවයි
දෙරට අතර ඇතිවූ ඇමතුමේදී එක්සත් රාජධානිය යුක්‍රේනයට කැමැත්තෙන් සිටින බවත් එහි හමුදාවන්ගේ නිර්භීතකම ගැන ප්‍රසාදයෙන් පිරී සිටින බවත් අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේන ජනපතිවරයාට පවසා තිබෙනවා.
ජනපතිවරුන් දෙදෙනා රුසියාවට සම්බාධක පැනවීම සහ යුක්‍රේන රජයට ප්‍රායෝගික සහයෝගය ලබා දීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
යුක්‍රේනයටද විශාල පාඩු සිදුවී ඇති නමුත් රුසියාවට ද විශාල පාඩු සිදුවී ඇති බව ජනාධිපති සෙලෙන්ස්කි අගමැති බොරිස් ජෝන්සන්ට පවසා තිබෙන බවද සඳහන්
රුසියාවේ යුද විරෝධී විරෝධතා දිරිමත් කරන ලෙස ජනාධිපති සෙලෙන්ස්කි බටහිර නායකයින්ගෙන් මේ අතර ඉල්ලා සිටිනවා.
මෙහිදී අගමැති බොරිස් ජොන්සන් ඔහුට කළ හැකි සියල්ල කිරීමට පොරොන්දු වී තිබෙනවා
එමෙන්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන නායකයාට පවසා තිබෙන්නේ පුටින් අසාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරන අතර මෙම අර්බුදය එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන අරමුණක් කොටගෙන ක්‍රියා කරන බවයි
0 Comments