Subscribe Us

 කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,ඉංගිරිය,පාලින්දනුවර ,බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් ,රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවාන ප්‍රදේශවලටත් නායයෑමේ රතු අවදානම් නිවේදන බලපැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,කළුතර ,ගාල්ල ,නුවරඑළිය,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර අද (17) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා

එම නිවේදනය පහතින් දැකිය හැකියි.


Post a Comment

0 Comments