පසුගිය සතිය තුළ දිවයිනේ මාර්ග රිය අනතුරු 43 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. එම අනතුරුවලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබෙන බවයි තල්දූව මහතා කියාසිටින්නේ.
පසුගිය මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 457 දෙනෙකු මියගොස් තිබෙනවා.
බරපතල තුවාල සිදුවූ රිය අනතුරු 120 ක්, සුලු තුවාල සිදුවූ රිය අනතුරු 173 ක් පසුගිය සතිය තුළ සිදුව තිබෙනවා. යතුරුපැදි 17 ක් ලොරි රථ 8 ක් සහ ත්‍රි රෝද රථ 5 ක් මෙම රිය අනතුරු සදහා සෘජුවම මුහුණ දුන් බවයි පොලීසිය පවසන්නේ. යතුරුපැදිකරුවන් 16 ක් පදිකයින් 13 ක් මගීන් 7 ක් සහ පසුපැදිකරුවන් 4 දෙනෙකු මෙම රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වුණා. රිය අනතුරු සිදුකර ඒ පිළිබද දැනුම් නොදී පළායාමේ අවස්ථා 5 ක් දපසුගිය සතිය තුළ වාර්තාවී තිබෙනවා.
එම රියදුරන් සහ වාහන අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.
0 Comments