Subscribe Us

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා 02ක් කොළඹ වරායට

 ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි (Minesweeper Division One) නෞකාවන් වන ‘URAGA’ නෞකාව නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම යුද නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කළ බවයි ඔවුන් නිවේදනය කළේ.

මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් NOGUCHI Yasushi කටයුතු කරනු ලබනවා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Minesweeper Tender වර්ගයට අයත් ‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් KONDO Koji කටයුතු කරනවා.

Minesweeper Ocean වර්ගයට අයත් ‘HIRADO’ යුද නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් ITO Akira කටයුතු කරනු ලබයි.

මෙම යුද නෞකා ද්විත්වය 2022 පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර, එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය (DIVTACS), නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම(maneuvering exercises), නෞකා පෙළ ඡායාරූපකරණය (PHOTOEX) ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කිරිමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් 2022 මාර්තු මස 03 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.


Post a Comment

0 Comments