Subscribe Us

යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානුවන් යටතට

 යුක්‍රේනයේ කෙර්සන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා.

250,000ක පමණ ජනතාවක් එහි ජිවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

රුසියානු හමුදාව යුක්‍රේනයේ කීව් අගනුවර අත්පත් කර ගැනීමට ආසන්න බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කීව් අගනුවර වැසියන්ට වහා නගරයෙන් පිටවී යන ලෙස රුසියානු හමුදාව දැනුම් දී ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කෙරුණේ.

 යුද්ධයට යනවා ද ? – අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්


යුක්රේනය තුළ සටන් කිරීමට අමෙරිකානු හමුදා යොමුනොකරන බව එරට ජනපති ජෝ බයිඩන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නේටෝ සාමාජික රටවල් ආරක්ෂා කිරීමට එම සංවිධානය කටයුුතු කරනු ඇති බවයි.

රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කලාපය වසා දැමීමට ද ජෝ බයිඩන් මේවනවිට තීරණය කර තිබෙනවා.


Post a Comment

0 Comments