ඩීසල් නොමැති වීම හේතුවෙන් රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී පාරිභෝගිකයෝ පිරිසක් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (02) දහවල් විරෝධතාවයක නිරත වී තිබෙනවා
සිය ගොවිතැන් කටයුතුවලට මෙන්ම රථවාහනවලට අවශ්‍ය ඩීසල් නොමැති බව පවසමින් ගම්වාසීන් ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
විරෝධතාකරුවන් කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී අවහිර කළ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවී තිබෙනවා.
පැය බාගයක පමණ කාලයක් විරෝධතාව පැවැති අතර හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව සඳහන්.
0 Comments