කොළඹ – නුවර මාර්ගයේ මහර 09 කණුව, අසලදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ(24) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට, තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනි අවියකින් මෙලෙස වෙඩි තබා ඇති බවය.
වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවූ ඔවුන් කිරිබත්ගොඩ සහ කොළඹ ජාතික රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 30 සහ 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් බවට පොලීසිය සැක පළ කරයි.
මියගිය පුද්ගලයිනගේ මෘත ශරීර කිරිබත්ගොඩ සහ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

0 Comments