ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තබා තිබු වාර්තාවක් අභිබවා යෑමට ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් අද (24) සමත් විය.
අඩුම ටෙස්ට් ඉනිම ගණනකින් ලකුණු 8,000 ඉක්මවූ පිතිකරුවා වශයෙන් සංගක්කාර මෙතෙක් වාර්තා පොතේ ඉදිරියෙන් සිටියේ ය.
මෙම තරගයට පෙර ටෙස්ට් තරග 84කදී ලකුණු 7,934 ලබාසිටි ස්මිත් පාකිස්ථානය සමග මේ වනවිට ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 59 ලබාගත් අතර දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 17 ලබාගත්තේය.
ඒ අනුව ටෙස්ට් ඉනිම 151කදී එම සීමාව පසුකර යෑමට ස්මිත් සමත් වූ අතර සංගක්කාර ට ඒ සඳහා ටෙස්ට් ඉනිම 152ක් අවශ්‍ය විය.
ඉන්දීය සුපිරි පිතිකරු එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.
ඔහු ටෙස්ට් ලකුණු 8,000 ඉක්මවා ගියේ සිය 154 වැනි ටෙස්ට් ඉනිමේදී ය.

0 Comments