තුර්කියේ Dardanelles සමුද්‍ර සන්ධිය හරහා ඉදි කරනු ලැබූ දැවැන්ත එල්ලෙන පාලම තුර්කි ජනාධිපති Tayyip Erdogan විසින් විවෘත කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එය ඔහුගේ වසර 20ක පාලන කාලය තුළ ඔහු ප්‍රමුඛත්වය දුන් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක ප්‍රධානත්වය ගන්නා එකක් බවයි.
තුර්කියේ යුරෝපීය සහ ආසියානු වෙරළ කලාප සම්බන්ධ කරන මෙම පාලම ඩොලර් බිලියන 2.8ක ආයෝජනයකි. එය ඉදි කර ඇත්තේ තුර්කි සහ දකුණු කොරියානු සමාගම් විසිනි.
ඩාර්ඩනෙල්ස් පාලම් ව්‍යාපෘතියේ කටයුතු 2017 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් සඳහා 5,000 කට අධික කම්කරුවන් සම්බන්ධ වූ බව සඳහන්වේ.
පාලමේහි කුළුණු මීටර් 318 (යාර 347.8)ක් උස වන අතර පාලමේ සම්පූර්ණ දිග කිලෝමීටර් 4.6 (සැතපුම් 2.9)කි.
මේ වන තෙක්, ඇනටෝලියාව සහ Gallipoli අර්ධද්වීපය අතර ගමන් කරන වාහනවලට Dardanelles හරහා යාමට ගතවූ කාලය පැය පහක් පමණ විය.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාලම ඉදි කිරීමෙන් පසු එම ගමනට ගතවන කාලය විනාඩි හයක් පමණ වන බවය.
ඒ අනුව එක් මහාද්වීපයක සිට තවත් මහාද්වීපයකට යාමට දැන් ගතවන කාලය මිනිත්තු හයකි.
මෙම පාලම ආසියාව සහ යුරෝපය යා කරමින් බොස්පොරස් සහ ඩාර්ඩනෙල්ස් හි තුර්කි සමුද්‍ර සන්ධියට ඉහළින් ඇති සිව්වන පාලමයි.
පාලම විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති Recep Tayyip Erdogan පැවසුවේ “මේ වනවිට ලෝකයේ දිගම එල්ලෙන පාලම් 10න් 03ක්ම ඇත්තේ තුර්කිය සතුව බවයි.
0 Comments