ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින්නැයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා දැනුම් දීමක් කර තිබෙනවා
ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ගෑස් තොග ලැබෙන තෙක් ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි බවයි
දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බවයි ඔහු පවසන්නේ
එමෙන්ම ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා මෙරටට පැමිණීමට නියමිත බවත් අවශ්‍ය කරන ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසනවා

0 Comments