ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය  ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.

කාසියේ වාසිය දිනා ගත්  ඕස්ට්‍රේලියානු පිල පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48.3කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

පැතුම් නිස්සංක මෙහිදී ලකුණු 137ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනු ලැබුවා.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.