ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පසුගිය ජූලි 09 වෙනිදා කොටුව බැංකු මාවත ප්‍රදේශයේ දී නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයෙකුව සිටිමින් උද්ඝෝෂණයක් පවත්වා, රජයේ දේපළ හානිකර, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධි බලහත්කාරයපෑම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම සැකකරු වයස අවුරුදු 32 ක් වන කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළා.

0 Comments