සමගි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව පවත්වන විරෝධතාව අද (15) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

විරෝධතාව පැවැත්වෙන ස්ථානය මෙතෙක් නිවේදනය කර නොමැති අතර එක් පා ගමනක් පස්වරු 1.00 ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් ද අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් ද ආරම්භ වන බව පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා