දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සියයට 20කින් ද මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ද ඉහළ දැමීමට නියමිතයි.

අයවැය මගින් වැට් බද්ද ඉහළ දැමීම නිසා මෙලෙස ගාස්තු ඉහළ දමන බවයි සමාගම් පවසන්නේ.